ස්වභාවයෙන් අර්ධ කවාකාර සඳකඩපහන, පූර්ණ කවයක් ලෙසින් ප්‍රතිනිර්මාණය කර ඇති බතික් සැරසිල්ලකි.
සඳකඩපහණ යනු පුරාණ සිංහල බෞද්ධ ගෘහ නිර්මාණ ශිල්පයේ අද්විතීය ලක්ෂණයක් වන අතර එය පන්සල්වල සහ අනෙකුත් වැදගත් ගොඩනැගිලිවල පිවිසුම්වල දක්නට ලැබේ. එය අලංකාර අංගයක් ලෙස පමණක් නොව, බෞද්ධ දර්ශනයේ එන සංසාර ගමන සහ නිර්වාණය සංකේතවත් කරයි.
ඇත්, අස්, ගව, සිංහ රූපයන්ගෙන් සහ ලියවැල්, හංස, නෙලුම් මල් ආදී රටාවලින් සමන්විත අනුරාධපුර යුගයට අයත් මෙම විචිත්‍රවත් සඳකඩපහන සාම්ප්‍රදායික බතික් ශිල්පීය ක්‍රම භාවිතයෙන් සම්පූර්ණයෙන්ම අතින් නිමවා ඇත.
මෙය ශ්‍රී ලංකාවේ කලාත්මක සහ සංස්කෘතික සාරය මිශ්‍ර පොහොසත් අතීත උරුමය පිළිබිඹු කරන අතර ඔබගේ නිවසේ/ආයතනයේ ඕනෑම අවකාශයකට ප්‍රෞඩත්වය සහ අලංකාරය එක් කරයි,
ප්‍රමාණය: උස 90cm x පළල 60cm.
මෙම බිත්ති සැරසිල්ල රාමුවකින් තොරව නිර්මාණය කර ඇති අතර ඔබට ඒ සඳහා සුදුසු රාමුවක් භාවිතා කළ හැකිය.
දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම/විදෙස් රටවලට ගෙන්වාගැනීමේ පහසුකම.
කාඩ්පත් හෝ වෙනත් ඩිජිටල් ගෙවීම් යෙදවුම් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීමේ පහසුකම මෙන්ම Cash on Delivery ලෙස භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමේ පහසුකමද ඇත.